Wednesday 6 January 2010

කවිය . . . .


කුලුදුලේම මම ලියාපු
එක කවියක් කියෙව්වහම
මට මතකයි අම්මා මට
දෙහි කැපුවා හැට පැයක්ම

කවි කම් නම් කමක් නැහැලු
ආදරයක් ගැන එපාලු
සෙනෙහස හැර වෙනත් දෙයක්
ලියන්න මට හිතෙන් නැහැලු

ලියවෙන කළ නැවුම් දෙපද
තව නොලියන්නේ කෙලෙසද
ලොව වෙන දේ දෙස බලාන
ලිව නොහැකිද ප්‍රේමය ගැන

3 ක් දක්වලා අදහස්. . .:

Unknown said...

මුලින්ම ලියපු කවියට අම්මගෙන් ලොරියකට කමෙන්ටු ලැබිලා තියෙන්නේ..

Januka said...

අම්මල ඔහොම තමයි.. ඔයි ඔක්කොම ආදරේටනෙ..

කසූ said...

ඒකට කරන්න තියෙන්නෙ අම්මට හොරා කවි ලියන එකනේ.........

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!