Monday 8 March 2010

නුඹ . . . .


නුඹ දන්නවනම්,
මම නුඹට පෙම් බඳින තරම් . . .
නුඹට ඇසෙනවනම්,
මසිත නුඹ අබියස ගැහෙන තරම් . . . . .
නුඹ දකිනවනම්,
නුඹ නමින් මා හඬන තරම් . . . .
අනේ නුඹට හැඟෙනවනම්,
මට නුඹෙන් තොර ලොවක් නැති තරම් . . . . .

7 ක් දක්වලා අදහස්. . .:

රවා said...

මම ත් පුංචි සන්දියෙ කෙනෙකුට ආදරය කරලා තියනවා. එක හරිම මිහිරි දෙයක්... එකාලෙ ආදරය ( ලව් එක )... ඇතතටම ලොවක් නැහැ....තමයි බිඳීලා ගියහම... කැඩුනු විදුරු ව හදන්න බැහැ..වචන ටික උනත් එකතු වෙලා තියනවා ලස්සනට...

Raven said...

ආදරණීය ප්‍රාර්ථනාවක් ලස්සනට කවි කරලා තියනවා.

hansini said...

ඇත්තටම ඒක මම අදරය කරන කෙනාට දැනුනා නම් මට ඒ වගේ ආදරය කරන වෙන කෙනෙකුට මම හොරෙන් ආදරය කරන්නෙ නෑ

චමිදේවා said...

රවා කිව්වා වගේ ලස්සණට හැඟීම් ටික වචනවලට පෙරලිලා තියනවා....

Madhu said...

ඔයා වැරදි නැහැ Hansini.100% ගැලපෙන අය අපිට හමුවෙන්නෙ හුඟාක් කලතුරකින්.ඒත් හිත නවතින හමතැනකම අපි නවතින්න ගියොත්..........
thankx comment වලට.

Madhu said...

comment කෙරුව හැමෝටම thankx.ඕගොල්ලන්ගෙ අදහස් තමයි "සිත්මල" ඉස්සරහට ගෙනියන්නෙ.

hansini said...

මට හැම තැනම නවතින්න ඕන නැහැ madhu මම නැවතුන තැනට වඩා ආදරය තියන තැනක් ලැබෙනකොට මම ආදරය නොකර ඉන්නෙ කොහොමද? ඒත් මම ඒ ආදරය කරන කෙනාත් වෙන කෙනෙක් ලඟ නතර වෙලා ඉවරයි අපි දෙන්න අනුනාද වෙනවා අපට දැනෙනවා ඒත් අපි අපේ නෙමෙයි කියලා අපි තෙරුම් අරගෙන ආදරය කරනවා madhu

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!