Wednesday 21 April 2010

ඔයාට සදා ජය.....!


ජීවිතේ ටික ටික ඉස්සරහට යද්දි, මගේ කියල මං හිතගෙන හිටිය හුඟක් දෙවල් මට අහිමි වෙලා... පණ දෙවෙනි තැනට දාලා, තවත් කෙනෙක්ට ආදරේ කරද්දි, දෙවතාවක් හිතන්න ඕනෙ කියලා මට කවුරුත් කියල දීල තිබුනෙ නැහැ.ඒ හින්දයි මේ තරම් දුක් විඳින්න වෙල තියෙන්නෙ.....
ඒ කොහොම උනත්,ඔයාට හුඟා...ක් පිං.මොකද,ඔයාගෙ උත්සහය,උනන්දුව නොතිබුනානම්,මගෙ හිතේ තිබුන "සිත්මල" සිහිනය,අදටත් සිහිනයක්ම වෙන්න තිබුනා.මොනව උනත් එක දෙයක් වගකීමෙන් කියන්න ඕනෙ."සිත්මල" වෙනුවෙන් මං කලේ,කොල කෑල්ලක් අරගෙන,වචන දෙක තුනක් එහාට මෙහාට හරවපු එක විතරයි.අද "සිත්මල" යම් තැනක ඉන්නවනන්, ඒ ඔයා හින්දා.
"සිත්මල" ගොඩ නැගුව ඔයා වෙනුවෙන්,පුංචි ඉඩක් හරි වෙන් කලේ ඒ හින්දයි.
මං විශ්වාස කලා මාව අත ඇරියත් ඔයා "සිත්මල" අත නො අරියි කියල.
ඒත් ඔයා මාව අත අරින්නත් කලින් අපි ආදරෙන් ගොඩ නැගුව "සිත්මල" අත ඇරියා.එදා,මං ඉවසුවා,ඇත්තටම ඉවසුවා...... ඔයා දාල ගියෙ,"සිත්මල" විතරනෙ" කියලා හිතල එදා මං හිත හදාගත්තා.ඔයා එදා "සිත්මල" අත ඇරියා වගේ, ලෙසියෙන්ම අද මාවත් අත ඇරලා.කමක් නැහැ.
ඔයා සතුටින්නං,ඇත්තටම කමක් නැහැ.මොනව උනත්, මං අපි අදරෙන් ගොඩ නැගුව "සිත්මල" අත අරින්නෙ නැහැ.මොකද,එතන අපි දෙන්නගෙම ආත්මය හැන්ගිලා තියනවා......
ඔයා නොදන්නව උනාට,මං ඔයාට පණ දෙන්න බලාගෙන හිටිය කෙල්ලෙක්. ඔයා දාල ගියෙ එහෙම ආදරයක්......
කවුරු එක්ක,කොහේ කොහොම හිටියත්, සතුටින් ඉන්න.ඔයාට සදා ජය.....!
පණ ඔබයි සිතා මා ඔබ හට පෙම් කල හින්දා. . . . . .
ඔබ නොමැති ලොවක මා ජීවත් වේවිද මන්දා. . . . . .
මං, මදූ.....

15 ක් දක්වලා අදහස්. . .:

චමිදේවා said...

ඔය දුක හොඳට විඳින කෙනෙක් විදියට මට කියන්න මොකුත්ම නෑ...

මෙන්න මේ බෙහෙත අපි බීලා බලමු.....

http://sodurusitha.blogspot.com/2010/04/blog-post_20.html

Madhu said...

thanks oyata.kalaya hamadema visadai kiyala math balagena innawa...... eth ayeth rawatennenan naha.

punya said...

මගේ සිතට සිතන්නට කියාදුන්නේ ඔබය
මගේ නෙතට කඳුළු දුන්නේ ඔබය
මගේ හදවත රැගෙන ඔබ කොතැනක සැඟව ගියේද
මගේම ආදර කුමාරයාණනි...

ow kalaya hamadema wisadai hethe duka daragena hamadamath balagena inna ...mm ath aya rawatena nam epa ath adaraya karanakota api aka gana hethane na godak welawata aka hethenma adare karanawa arena wena deyak hethata ane na ...

දේවා said...

adarayak hinda oya hadawatha iki binda....

eth jiweethe labim nolabim hama ekak ekkama jiwath wenna hithata ganna.. mama hithanawa ekata ona karana shakthiya oyaa laga thiyanawa kiyalaa

jiwithee jayaganna magen suba parthanaa

රවා said...

ඔය වෙදනාව හැමොම නැහැ මධු.. නමුත් මම එක දෙයක් කාලය හැම දෙටම විසදුම් දෙන්නෙ නැහැ. ඔයාගෙ හිතයි විසදුම දෙන්න ඔනා.... ඔයාගෙ හිත තමයි මෙතන ප්‍රධාන චරිතය.. මම නම් කොච්චර දුක වුනත් මගෙන් ඇත් වෙලා යන අයට යන්න දෙනවා සතුටෙන්.. එත් හුස්ම ටික යන්න හදද්දි.... එකත් වින්දා..ඔය ඉන්න විදිය හොදයි.. ඔහෙම්මම ඉන්න බලන්න.. හැමදාම කන්ද හිටින්නෙත් නැහැ.. හැමදාම අඳුර හිටින්නෙත් නැහැ... ගිය දෙවල් ගැන හිතලා වැඩක් නැහැ..

Unknown said...

සමහරු අපට ආදරෙන් ලංවෙලා වේදනාවෙන් ඈත් වෙනව.ඒත් ඒ අත්දැකීම,අපට සමහර දේවල් උගන්වනව(හදවතින්ම ආදරය කරනකොට දෙපාරක් හිතන්න),සමහර දේවල් ඉතිරි කරල යනව(සිත්මල).

දිල් said...

ඔය දුක මම හොඳටම විඳින කෙනෙක් විඳියට මට ඔයාගේ වේදනාව තේරුම් ගන්න අමාරු නෑ.....දරාගන්න අමාරුයි. ඒත් දරාගන්න.....

Raven said...

ලියන එක නොනවත්වන එක වැදගත්. දිගටම ලියන්න. ඒවා තුලින් ඔයාට ඔයාව හෙලි දරවු කරගන්න පුලුවන් වෙයි දවසක.
ධෛර්යය ශක්තිය පතනවා.

Anonymous said...

Premaya Usai, Susum nam wisai... -K-

Madhu said...

kauru nathath ogollo hamoma hamadama math ekka kiyala man dannawa........

Nadee said...

මේ ගෑන මට මුකුත් කියන්න තේරෙන්නෙ නෑ මදූ.... ඒත් අපිට පේන්න ඔයා හිනා වෙලා හිටියට ඔයගෙ හිතේ තියෙන දුක කොච්චරක්ද කියලා මට දෑන් තේරෙනවා....ඒත් ගිය දේවල් ගෑන හිත හිත හිටියොත් හෑමදාම දුක විතරයි නේද ඉතිරි වෙන්නෙ...... මම වෑරදිද මදූ.....

Rachintha Jayawardhana said...

ප්‍රශ්න

Anonymous said...

hmm awedanawa monawageda kiyala thamuntath kawada hari denei kiyala oyata mm giya auudde mekaledi kiwwa mathakada mokkad apita api karana weradi walaa me aththmema widawanna wenawa kiyala mathaka thiyaganna oka thama jiwithe yatharthe mm dannawa chathura nethiunoh merenawa kiapu kenane.....

Anonymous said...

mama kiyala amutuwen monawa liyannada nanngi??
Api podi kaale karapu kiyapuwa hemadaama matake tiyenawa.
Adatat matak wenakota kochchara satutuda?
~~Kanchana Aiya~

Mewan said...

mmmm hithe kiiri gehana hengum gonna me vidiyata dukath eakka oya akuru karaddi nangiyoo adare hinda jeeweithe math vindawanawa neda kiyala hitheddii .. hadawathata enne api kochhara asranai da kiyala .. eath hadawathinma suba pthnawa sith mala thulin wath oyage ahinsaka hith yaya senasenna kiyala....

mewan... !!!

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!