Wednesday, 13 October 2010

ආත්මයම ඔයා ලඟින්, නතර උනා සත්තයි.....


හොරෙන් බලා ඉඟි කලාම......
දුරින් ඉඳන් හිනැහුනාම......

ඔයා මගේ පෙම් හිත ලඟ,
මැව්ව සිහින බොහොමයි.........

වලි හොය හොය දැඟලුවාට.....
මම ලොකු කම පෙන්නුවාට.....
මගේ හිතත් මට හොරාම,

ආල වැඩුව පුදුමයි......

හමු වී අපි නොදෙඩුවාට....

නිතර තුරුලෙ නොරැඳුනාට.....

ආත්මයම ඔයා ලඟින්,

නතර උනා සත්තයි.....

Sunday, 25 July 2010

ආදරේ පෙන්නන්නේ කොහොමද මං


නිල් අහසට වැට බදින්නෙ
කොහොමද මං
තරු දෙනෙත් අඩනවා . . .
හමන සුළගට එපා කියන්නෙ
කොහොමද මං
සුසුම් වැල් මට ඉගි පානවා . . .
සදවතට කලුවර දෙන්නෙ
කොහොමද මං
හිත් මල් යායම අමාවක වෙනවා . . .
ආදරේ පෙන්නන්නේ කොහොමද මං
මගේ පෞරුශය බල්ලට යනවා . . .

Sunday, 18 July 2010

ඇයත් නුඹ හැර ගියපු දවසක...........


හමුවෙලා යහළුවන් මගතොට,
මගෙන් නුඹ ගැන අහනවා.........
සිහිවෙලා නුඹ,නෙතින් වෑහෙන,
කඳුළු බිඳු මම ගනිනවා.........
මගේ කඳුලට සාප කර කර,
ඔයා තව උඩ පනිනවා.........
ඇයත් නුඹ හැර ගියපු දවසක,
ඔයත් මේ දුක විඳිනවා........

ජීවිතේ ඔය දෑත් මත තැබු,
මගේ හිත ඔබ දන්නවා.........
ඔයා ඇගෙ හිත මත්තෙ මැරුනට,
ඔයා ගැන මම බලනවා......
එයා ඔය හිත රැවැට්ටුව බව,
ඔයා අද හෙට දකිනවා......
ඇගේ ඇසුරින් මිදුනු දවසක,
මගේ ලඟ ඉඩ තියනවා........

Sunday, 27 June 2010

නුඹේ උණුසුම් සුවය


ඇස් පියන් තද කරන්
නින්ද වෙත දුවද්දී
නුබේ කට හඩ ඇසී
තිගැස්සී බලනවා . . . .


සිහින සිත නුඹව දැක
හිත කීරි ගැහෙද්දී
නෙතු අගින් කදුලු බිදු
ඉබේටම වැටෙනවා . . . .


නො එන බව දැන දැනත්
යලිදු මා වෙතට
නුඹේ උණුසුම් සුවය
හෙටත් මම සොයනවා . . . .

Sunday, 20 June 2010

එක හුස්මකට ඉඩ තියේ . . .


සදට හාදුවක් දී සීතලේ
සුළග රහසින් අසයි ඔබ කොහේ
ඇස් පියන් වැසුව විට ආදරෙන්
දැනෙයි ඔබ ලග ඉන්න වග මගේ
සිතට දුකක් දැනෙන හැම තත්පරේ
ඔබ ගැනම සිත සිතා හද දැවේ
හීනෙනුත් දකින්නට සිතා ගමි
නුඹ ඇදෙයි මගේ නෙත් මායිමේ . . . .


නින්ද බිදෙනා විටක මැදියමේ
අවදි වී බලමි ඔබ ලග නොවේ
කදුල කදුලක හොවා හොයන්නෙමි
ආදරේ ගීතයක් වී ගැයේ
අදත් මේ දැනුත් මගෙ ඇස් කොනේ
කදුලු බිදු පේලියක පණ ගැහේ
ඇගිලි තුඩු වෙහෙසවා ගනින්නෙමි
ඔබ ගිහින් කොතෙක් දැයි දින ගියේ . . . .


හැමදාම මගෙ පුංචි දින පොතේ
පුංචි කවියක් දෙකක් පෙල ගැහේ
හිතට හරි බයයි නුඹ නො එන විට,
හුස්ම ගන්නටත් බය හිතේ
ඇත්තමයි කලු ගැහුනු ආකාසේ
මං වගේමයි හඩයි වැහි වැටේ
එන්න, මග බලන මගෙ හදවතේ
ඔබේ එක හුස්මකට ඉඩ තියේ . . . .

Friday, 28 May 2010

බස් රථයේ සිට අම්මාට ලියූ SMS මාඟල........


ඈ දකින්න යන හැමදා ට
ගෙනවිත් ඇරලවන විට
කොප්පරා හන්දියට
බසයක් අල්ලගන්නට
ආපසු යන්න ආණමඩුවට
ගෙවූ රසගුලා හෝරා දැහැනට
කල්පනා සයුරේ ගිලී විටින් විට
සිතකින් නොවේ ගාට ගාට
එන්නේ ඈ ලඟ තබා සතු ට
. . ..
බලාහිඳී ඈ;
අහිOසක ඇස් යොමා
මුවැත්තියක මෙන්
යාමට නොදී ලෝබව
හදෙහි තෙරපන අපරිමිත
සෙනෙහසින් කැකෑරෙන……
. . .
සැමදා අවෙමි මම
ඇගේ නලලත අතගා
හිස පිරි මැද
දෝරෙ ගලන සෙනෙහසින්
කියාගන්න බැරි වේදනාවකින්
. . ..
රැගෙන ඒමට සිත්විය සැමදින
ඇයව
දෙවුරේ හොවාගෙන
නිවසටම…………
. . . .
සමාවෙයන් අම්මේ මට............!!!!!!!!!
ගෙනෙන්නෙමි එසේ මම නුඹේ ලේලිය
අනවසරෙන්
දෑවැදි නොමැතිවම…….
. . .
හරවා යවන්න ලොබ සිතුනා ඇයව....
Scooty Pet එක
Currier කෙලෙමි නිවසට
බැඳල හිටියත් ඉඳලා බැන්දත්
එකයි නෙව
කොල කෑල්ලකට
මහ ලොකු වටිනාකමක් මොටද . . ?
. . .
කැල්ටන් බේකරියේ බිත්තර පේස්ට්රි?
ජයකොඩියගෙ කඩෙන් අයිස් ක්රීමම්ද
මිලට ගන්නට ගිය හැටි . . .
කිසිවෙක් එහෙට මෙහෙට වුනු අල්ල පනල්ලේ
ඇගේ වත සිපගත්'යුරුද
වත්ත පහල කජු ගහට වත්තම්වී
තුරුල් කරන් සිටි'යුරුද
මට මැවී මැවී පෙනුනා අම්මේ . .
බසයට නැග ආපසු හැරී බලපු ඇසිල්ලේ . .
. . .
තොරන් බඳින්නට ඕනේ නැහැ
මඟුල් බෙර සද්ද එපා
පෝරු තැලිපිළි
ඥාති සOග්ර හ
මේ ඔක්කොම බොරු මනස්ගාත
හොඳවයින් ලුණුමිරිසක් එක්ක
රතු කකුළු කිරිබතක් උයාපන්
මඟුල් බත වෙනුවට
. . .
ඉර අවරට යන හෝරාවේ
සුදු මල් වත්කල
පැන් වීදුරුවක් අතින්ගෙන
පෙරමග බලා සිටපන්
පිලිගන්නට අපව
හිතේ කහටක් නොමැතිව
. . ..
උඹේ ආසිරි...මහමෙරකි මට

අස0ක ගුරුගේ

Friday, 21 May 2010

ඔබ පතනා ලොව සොයා යන්න නොරැඳී...... ඔබේ ලොවට මුදු මල් පාවඩ පතමී........


නුඹේ අදරැති දෙනෙත් දැක,
සිනාසුනෙමි,
නුඹේ රුව
කඳුලෙන් බොඳ වන තුරු.....
කඳුලු පිසලූ දෙනෙත්
බලන සඳ විවර කර,
මට පිටුපා යන නුඹ දැක,
හැඩුවෙමි...
කඳුල මත
නුඹේ දසුන මැවෙන තුරු....

Wednesday, 12 May 2010

තරහ වෙන්න එපා . . .



මැවුනු දිනේ පළමුවෙන්ම ඒ රුව මා අසලින්
ආල හැගුම් හදවත ලග ඇති වුනෙ හුග කලෙකින්
ඇය හැමදා මගේ වෙන්න ඉන්නවා දින ගනිමින්
පෙලපත් කුලගොත් හරහට ඇවිදින් අපි අතරින්. . . . . . . .

අම්මා කිව්ව නිසාම මම නුඹ බලන්න ඇවිදින්
රව්ට්ටන්න බෑ ඔයාව සොදුරු සිහින මවමින්
ඇය තාමත් මගේ ලොවේ ඉන්නවා හරි ඉහලින්
තරහා වෙන්න එපා නංගි වෙන්වෙමු අපි සතුටින්. . . . . . .

Wednesday, 21 April 2010

ඔයාට සදා ජය.....!


ජීවිතේ ටික ටික ඉස්සරහට යද්දි, මගේ කියල මං හිතගෙන හිටිය හුඟක් දෙවල් මට අහිමි වෙලා... පණ දෙවෙනි තැනට දාලා, තවත් කෙනෙක්ට ආදරේ කරද්දි, දෙවතාවක් හිතන්න ඕනෙ කියලා මට කවුරුත් කියල දීල තිබුනෙ නැහැ.ඒ හින්දයි මේ තරම් දුක් විඳින්න වෙල තියෙන්නෙ.....
ඒ කොහොම උනත්,ඔයාට හුඟා...ක් පිං.මොකද,ඔයාගෙ උත්සහය,උනන්දුව නොතිබුනානම්,මගෙ හිතේ තිබුන "සිත්මල" සිහිනය,අදටත් සිහිනයක්ම වෙන්න තිබුනා.මොනව උනත් එක දෙයක් වගකීමෙන් කියන්න ඕනෙ."සිත්මල" වෙනුවෙන් මං කලේ,කොල කෑල්ලක් අරගෙන,වචන දෙක තුනක් එහාට මෙහාට හරවපු එක විතරයි.අද "සිත්මල" යම් තැනක ඉන්නවනන්, ඒ ඔයා හින්දා.
"සිත්මල" ගොඩ නැගුව ඔයා වෙනුවෙන්,පුංචි ඉඩක් හරි වෙන් කලේ ඒ හින්දයි.
මං විශ්වාස කලා මාව අත ඇරියත් ඔයා "සිත්මල" අත නො අරියි කියල.
ඒත් ඔයා මාව අත අරින්නත් කලින් අපි ආදරෙන් ගොඩ නැගුව "සිත්මල" අත ඇරියා.එදා,මං ඉවසුවා,ඇත්තටම ඉවසුවා...... ඔයා දාල ගියෙ,"සිත්මල" විතරනෙ" කියලා හිතල එදා මං හිත හදාගත්තා.ඔයා එදා "සිත්මල" අත ඇරියා වගේ, ලෙසියෙන්ම අද මාවත් අත ඇරලා.කමක් නැහැ.
ඔයා සතුටින්නං,ඇත්තටම කමක් නැහැ.මොනව උනත්, මං අපි අදරෙන් ගොඩ නැගුව "සිත්මල" අත අරින්නෙ නැහැ.මොකද,එතන අපි දෙන්නගෙම ආත්මය හැන්ගිලා තියනවා......
ඔයා නොදන්නව උනාට,මං ඔයාට පණ දෙන්න බලාගෙන හිටිය කෙල්ලෙක්. ඔයා දාල ගියෙ එහෙම ආදරයක්......
කවුරු එක්ක,කොහේ කොහොම හිටියත්, සතුටින් ඉන්න.ඔයාට සදා ජය.....!
පණ ඔබයි සිතා මා ඔබ හට පෙම් කල හින්දා. . . . . .
ඔබ නොමැති ලොවක මා ජීවත් වේවිද මන්දා. . . . . .
මං, මදූ.....

සිනහවක් වී. . . . .


සිනහවක් වී ඔබ මගේ,
නෙතු තුල ඉන්න. . . . .
කවියක් වී ඔබ මගේ,
දෙතොල් අතරට එන්න. . . . .
සුසුමක් වී ඔබ මගේ,
හද මැදුරෙහි ඉන්න. . . . .
කිසිදා නොයන ලෙස,
ඔබ මගේ,
ලඟටම එන්න. . . . .

Thursday, 8 April 2010

මම සිනාසුනා විතරයි . . . .


අහස හොදටම කලු වෙලා
මං හිතුව වහී කියලා
ඒත් නෑ වැස්සේ නෑ
අහස කලු කලා විතරයි. . .

අරලිය ගගේ ලස්සනට මල් පිපිලා
මං හිතුව සුවද හමයි කියලා
ඒත් නෑ සුවද හැමුවෙ නෑ
මල් පිපුනා විතරයි. . .

ඔයා යනව කියල කිව්වහම
මං හිතුව මං අඩයි කියලා
ඒත් නෑ . . .
මං ඇඩුවෙ නෑ
කදුලු අතරින් හිනා වුණා විතරයි. . .

Wednesday, 31 March 2010

ඉවරා.......යි....

සුන්දර සිහින මුතු පොටකට අමුනාලා. . . . .
ඉස්සර හෙවුවෙ fun එකමයි වලි කාලා. . . . .
එකට හිටිය උන් අද ඇත රජ වීලා. . . . .
මට මක් වුනිද නැත තවමත් වැටහීලා. . . . .

අම්මා අපේ මගෙ පැත්තට අත දෙනවා. . . .
තාත්තනං හැම තිස්සෙම ඔරවනවා. . . .
Project එකට මං වැඩිපුර වෙහෙසෙනවා. . . .
පාසල් නොගොස් කල ගොන්කම තේරෙනවා. . . .

සටහන් මිටිය ඇත සමනල කන්ද වගේ. . . .
නිදිමත දැනෙයි ඒ කන්දේ මුදුන වගේ. . . . .
කොල්ලව පෙනේ පූරුවෙ කල පවක් වගේ. . . .
ඇනුනොත් විභාගය අපි බලු පැටවු වගේ. . . . .

Sunday, 28 March 2010

හීනෙන්වත් එන්නෙපා . . .


සුදු ගව්මට පොත් මිටියට
තහනම් යැයි කියන . . . . .
පාසල් පෙම තුරුලු කරන්
නිරතුරු මන් දුටුව . . . . .
හීන අහුරු පොඩි කර දා
නුඹ ගිය වග දුරක . . . . .
සිහි කරකර හිනැහෙමි මම
අඬන්න බැරි කමට . . . . .

ඔබ ආගිය වග තුග මං
හොයන්නෙවත් නැතුව. . . . .
කොච්චරනම් පෙම් කලාද
ඔබ ගෙතු බොරු ගොඩට. . . . .
සමා අයැද මගෙ හිත ලඟ
කරගත් පවු වලට. . . . .
හීනෙන්වත් එන්න එපා
අයෙත් මං ලඟට. . . . .

පිවිතුරුයැයි සිතූ ඔබට
සින්නක්කර ලිව්ව . . . . .
මගෙ හිත මං ඔහුට පිදුවෙ
මකන්න ඔබෙ මතක . . . . .
ඔහු ඔබගෙම සොහොයුරාය
දන්නේ මම අදය . . . . .
ආයෙත්නම් පෙම් නොකරමි
ජීවත් වෙන තුරුම . . . . .

Wednesday, 24 March 2010

සිහිනයක් . . .


සිහින විමනින්
පැතුම් පතමින්
මොදු වෙන සද නුඹ තමයි......
සොදුරු කවි වැල්
සොදුරු තාලෙට
එකට බැන්දේ නුඹ තමයි.....
ආදරේ සුව මිහිරියාවෙන්
මටම පිදුවෙ නුඹ තමයි ....
සිහිනයක් වී මගේ දිවියට
ඒවිදො යලි මට සැකයි.....


ජිවිතෙ සුව අරුත වි නුඹ ගෙවු කාලය මට සුවයි
වසන්තය සුනු විසුනු කරවා ගියේ නුඹ මිස මා නොවෙයි
සිතේ ඇති දුක නිමා ලන්නට කොතෙක් බැට කැවා තමයි
එහෙත් හිමියනි නුඹෙන් තොර ලොව සිහිනයක් යැයි මට සිතෙයි.

Thursday, 18 March 2010

ඔහු මට කවියක් . . .

රෑ අහසත් සඳ එලියත්
සොඳුරු සිත්තමක් . . .
නෙලුම් විලත් හන්ස කැලත්
සුපෙම් ගීතයක් . . .
ඔහුගෙ පෙමත් අතීතයත්
තවම සිහිනයක් . . .
දුක පිරුනත් පද ලෙහුනත්

ඔහු මට කවියක් . . .

Monday, 8 March 2010

නුඹ . . . .


නුඹ දන්නවනම්,
මම නුඹට පෙම් බඳින තරම් . . .
නුඹට ඇසෙනවනම්,
මසිත නුඹ අබියස ගැහෙන තරම් . . . . .
නුඹ දකිනවනම්,
නුඹ නමින් මා හඬන තරම් . . . .
අනේ නුඹට හැඟෙනවනම්,
මට නුඹෙන් තොර ලොවක් නැති තරම් . . . . .

Friday, 5 March 2010

අහිමි පෙම...


වෛර නොකරමි අහිමි පෙම වෙත . . .
ලත නොවෙමි එය ගැන සිතා මම . . .
සිනාසුනු හැටි පෙම් කෙරූ කල . . .
මතක් වෙනකොට අද ඇඬෙයි මට . . .


තිලිනි ඉසංකා

ඈ ගියා මා දිහා නොබලා . . .


නිසල් ඉවුරේ සීත සෙවනේ
ජීවිතේ සුව විදින මොහොතේ
සොදුරු රුවකට මසිත බැදුනේ
කෙසේ පවසම් ඇගේ වරුනේ . . .

දෑස සුන්දර අදුන් තවරා
දෙතොල් රතු කර සිනහ දවටා
සිහින් සුන්දර දෑත දවටා
ඈ ගියා මා දිහා නොබලා . . .




චතුර වේරගොඩ

Thursday, 4 March 2010

මගේ දුක නිවනවා . . .


නිහඩ රෑ තුන් යමේ
කදුලු මල් පිපෙනවා
තරු එළිය දැක ගන්න
මගේ නෙතු හඩනවා
දුරුතු සීතල ඇවිත්
අසපුවට එබෙනවා
නුඹේ සුසුමක සුවද
මගෙ හදට දැනෙනවා . . .
ජීවිතේ බිදෙන් බිද
ඉදිරියට ඇදෙනවා
සුවහසක් දෑස් ලග
තනිකමක් දැනෙනවා
කුරිරු ලොව අබියසදි
හදට දුක පිරෙනවා
නුඹෙ දෑස කවියක්ව
මගේ දුක නිවනවා . . .

Sunday, 28 February 2010

හැදින්නෙමි . . .


විඩාපත් සිත නිවා
සිනහ මල් නෙලන්නෙමි
නිගා දෙන ලෝකයෙන්
දුරස් වී හිදින්නෙමි
නුඹේ නෙතු කැල්මකින්
ලොව සොදුරු දකින්නෙමි
සෙනෙහසේ මුදු සුවද
නුඹෙන් මම හැදින්නෙමි . . .