
යනෙන මාවත සියත් නෙතු මැද ඔබේ නෙත ඇදුනා
සිනහවක් ගෙන ලබැදි ඔබ ලග සොයුරු පෙම රැදුනා
හැඩූ කදුලැලි නෙතින් පිසලන ශෝක ගිනි නිවුනා
මට අහිමි වුන සොයුරු ප්‍රේමයෙ මුදු සුවද දැනුනා . . .
ඔබේ කදුලක රැදුනු දුක දැක සිතට දුක පිරුනා
ඔබෙන් මා ලද සොයුරු ප්‍රේමයෙ මතක තව තිබුනා
මටත් රහසින් ඔහුගෙ නෙත් ලග සෙනෙහසක් පිපුනා
ඔබට කැප නැති මගේ සෙනෙහස ඔහුගෙ අත රැදුනා . . .
මග තොටේ නෙත ගැටුනු විටකදි සිනහවක් ගෙන වඩිනු මැනවී
සොයුරු ප්‍රේමයෙ අරුත පහදා අපට ආසිරි ගෙනෙනු මැනවී . . .
ඔබට හිමි නැති මගේ මතකය හද මතින් ඔබෙ මුදනු මැනවී
කදුලු මල් මකරන්ද කුමකද හෙට ලොවක් ගැන හිතනු මැනවී . . .
2 ක් දක්වලා අදහස්. . .:
ගොඩක් දුක හිතුන ලියලා තිබුණු දේ කියෙව්වාම, දැන් කාලේ වෙන්නෙ මේ වගෙ දෙවල් තමයි.. අපි ගොඩාක් ආදරෙන් හිටියත් අන්තිමෙදි ඒක සහෝදර ප්‍රේමයක් වෙලා අපේ ආදරේ අපිට අහිමි වෙන එක...
@ shammi jayasinghe --- හිතට දැනෙන අදසක් ඔබට දීමට හැකිවීම ගැන සතුටු වෙමි. Thanks a lot, comment කලාට.
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!