Friday, 21 May 2010

ඔබ පතනා ලොව සොයා යන්න නොරැඳී...... ඔබේ ලොවට මුදු මල් පාවඩ පතමී........


නුඹේ අදරැති දෙනෙත් දැක,
සිනාසුනෙමි,
නුඹේ රුව
කඳුලෙන් බොඳ වන තුරු.....
කඳුලු පිසලූ දෙනෙත්
බලන සඳ විවර කර,
මට පිටුපා යන නුඹ දැක,
හැඩුවෙමි...
කඳුල මත
නුඹේ දසුන මැවෙන තුරු....

7 ක් දක්වලා අදහස්. . .:

Anonymous said...

කවි ලිවීම බෝම අගෙයි..ඔබට ජය

ඉලංදාරියා said...

අද කදුලු බොදකරත්..
ජිවිතේ...
හෙට දිනේ......
සතුටු කදුලු රජයන්න .....
ඔබේ ජිවිතේ.....

Friendz & Life said...

කදුල මත ඇදි ඒ සිතුවම....
නොමැකී තියේවි සුසුම්ලන තුරාවට....

මම said...

ඔහු යන්නම යන්නම යනවානම් ඉන්න කියන්නට එපා මදූ(අක්කා)
යලි එන්නම එන්නම හැදුවෝතින් ....
අනේ මංදා ඒක ඉතින් අක්කාගෙ කැමැත්ත...
කවියනම් ගොඩාක් ලස්සනයි අක්කා...

හසී said...

ගොඩාක් ලස්සනයි අක්කේ, යන්න හදන අයව බලෙන් රදව ගන්න එපා අක්කේ, මමත් එහෙම කලා එත් අන්තිමට දුක විතරයි ඉතුරු වුනේ

රවා said...

එයාව ඔයාට ලොකය වෙද්දි
ඔයාව එයාට මුකුත් නොවෙද්දි
එයා ඔයාට මුකුත් නෙමෙ කියලා කියද්දි

ඔයාට ඊයෙත් , අදත් , හෙටත් නැතිවෙවි..

Anonymous said...

hey hey niyamyi ne kawi :)

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!