Sunday 20 June 2010

එක හුස්මකට ඉඩ තියේ . . .


සදට හාදුවක් දී සීතලේ
සුළග රහසින් අසයි ඔබ කොහේ
ඇස් පියන් වැසුව විට ආදරෙන්
දැනෙයි ඔබ ලග ඉන්න වග මගේ
සිතට දුකක් දැනෙන හැම තත්පරේ
ඔබ ගැනම සිත සිතා හද දැවේ
හීනෙනුත් දකින්නට සිතා ගමි
නුඹ ඇදෙයි මගේ නෙත් මායිමේ . . . .


නින්ද බිදෙනා විටක මැදියමේ
අවදි වී බලමි ඔබ ලග නොවේ
කදුල කදුලක හොවා හොයන්නෙමි
ආදරේ ගීතයක් වී ගැයේ
අදත් මේ දැනුත් මගෙ ඇස් කොනේ
කදුලු බිදු පේලියක පණ ගැහේ
ඇගිලි තුඩු වෙහෙසවා ගනින්නෙමි
ඔබ ගිහින් කොතෙක් දැයි දින ගියේ . . . .


හැමදාම මගෙ පුංචි දින පොතේ
පුංචි කවියක් දෙකක් පෙල ගැහේ
හිතට හරි බයයි නුඹ නො එන විට,
හුස්ම ගන්නටත් බය හිතේ
ඇත්තමයි කලු ගැහුනු ආකාසේ
මං වගේමයි හඩයි වැහි වැටේ
එන්න, මග බලන මගෙ හදවතේ
ඔබේ එක හුස්මකට ඉඩ තියේ . . . .

10 ක් දක්වලා අදහස්. . .:

දිල් said...

හරිම ලස්සනයි

දුකා said...

සුන්දර ප්‍රාර්ථනයක් . . .. අසුන්දර මතකයක් නොවේවා ඒ සුන්දර ප්‍රාර්ථනය . ..

කසූ said...

ලස්සනයි අක්කේ ගොඩාක් ලස්සනයි දිගටම ලියන්න අක්කට ජය

yasoda said...

ලස්සන අදහස් අක්කේ නියමයි.

danusha said...

බලගෙන හිටියා ඔබ එතෑයි කියා.....
තවමත් නෑ ඔබ මා හා ලන්වුයේ....
හෑමදා බලාගෙන සිටියත් මා...
ලෑබුනේ දුක විතරමයි.....
සත්තකින්ම ලබුනේ ඒ දුක විතරමයි....
ඒත් හෑමදා මා පතන්නේ සතුටින් දිගු කලයක් ඉන්න ලෑබෙන්න කියලයි...
ඒකයි මා ඔබට දුන්නු ආදරේ.......................

Unknown said...

nice dr, elazzzz

Anonymous said...

සුභ අනාගතයනට මගෙන් හෘදයාංගම සුභ පැතුම්....
ගොඩාක් ලස්සනයි

දිල්ෂාන් said...

සුභ අනාගතයනට මගෙන් හෘදයාංගම සුභ පැතුම්....
ගොඩාක් ලස්සනයි......

punya said...

ගොඩක් ලස්සනයි...නංගී.. ඔයට තවත් ලස්සනට ලියන්න මගෙන් සුභ පතුම්...

Unknown said...

suba anagathayak ,obata jaya wewa...thawath soduru adahas liyannata suba pathum....

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!