Sunday 27 June 2010

නුඹේ උණුසුම් සුවය


ඇස් පියන් තද කරන්
නින්ද වෙත දුවද්දී
නුබේ කට හඩ ඇසී
තිගැස්සී බලනවා . . . .


සිහින සිත නුඹව දැක
හිත කීරි ගැහෙද්දී
නෙතු අගින් කදුලු බිදු
ඉබේටම වැටෙනවා . . . .


නො එන බව දැන දැනත්
යලිදු මා වෙතට
නුඹේ උණුසුම් සුවය
හෙටත් මම සොයනවා . . . .

6 ක් දක්වලා අදහස්. . .:

Shadow/හේමලයා said...

ලස්සනයි...:D........(Nadeeka Prasad)

NotY OtA said...

maxsa

දුකා said...

නො එන බව දැන දැනම
සොයන උනුසුමක් දැක
සිතුනි පවසන්න මට
හඳ ඉල්ලා නොහඬන ලෙස

පබලු said...

lassanai...

asanka guruge said...

@දුකා:
කියමි මම හැමදාම
කට කැඩෙනකම් මේ යෝදිට
සාවුන් නැති සඳට
පෙම් කොට ඵලක් නැති වග.....
මේ ඇත්ති නිසා මගේ ලේ පිච්චෙන තරම
දන්නේ මම පමණි සබඳ......

Madhu said...

thanks hemotama......

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!