Sunday 18 July 2010

ඇයත් නුඹ හැර ගියපු දවසක...........


හමුවෙලා යහළුවන් මගතොට,
මගෙන් නුඹ ගැන අහනවා.........
සිහිවෙලා නුඹ,නෙතින් වෑහෙන,
කඳුළු බිඳු මම ගනිනවා.........
මගේ කඳුලට සාප කර කර,
ඔයා තව උඩ පනිනවා.........
ඇයත් නුඹ හැර ගියපු දවසක,
ඔයත් මේ දුක විඳිනවා........

ජීවිතේ ඔය දෑත් මත තැබු,
මගේ හිත ඔබ දන්නවා.........
ඔයා ඇගෙ හිත මත්තෙ මැරුනට,
ඔයා ගැන මම බලනවා......
එයා ඔය හිත රැවැට්ටුව බව,
ඔයා අද හෙට දකිනවා......
ඇගේ ඇසුරින් මිදුනු දවසක,
මගේ ලඟ ඉඩ තියනවා........

8 ක් දක්වලා අදහස්. . .:

Shadow/හේමලයා said...

ලස්සනයි.....දුක්බර යථාර්තය........

Asanka Niroshan Guruge අසංක නිරෝෂාන් ගුරුගේ said...

lassanayi nanga.

Kushii said...

He he...............
sinawak naguna mata kiyawaddi..
ahithak hithanna epa oba e gana
kiyanna one man eth sithuwilla gana
liyalama yanna kiyanna hinda
hithata apu adahasaa..
hehe..
kadulak thamange wenakota nethu laga
ahimi wenawa nethu harada yanawita
ahimi bawa nodannenene manda oba hata..
thawath ida koheda sitha thula...
harennata adaree ....................
iwarama naaa.... eth natheth naaa...
hehe

NotY OtA said...

niyamayi

Unknown said...

නියමයි මදූ,ඒත් කෙනෙක් වෙනුවෙන් හිතේ තිබුනු ඉඩ,වෙන කෙනෙකුට දෙන්න අමාරුයි වගේම,ඒ කෙනාටම උනත් ආයෙමත් දෙන්න බැහැ.මොකද, තව දුරටත් එයා අපි ලඟ හිටපු කෙනා,අපි ආදරය කරපු කෙනා නෙමේ.....හදවත ඉඩ දීල තිබුනෙ,එයාව තනි නොකරන කෙනෙකුට........!

Anonymous said...

අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවා
අප තනි වූවත් නොවූනත් ලොව එකසේ පවතිනවා

ලොවමල් පිබිදෙන්නේ යලි පරවෙන්නටනම්
අප හදවත් එක්වන්නේ වෙන්වන්නටනම්
යලි වෙන්වන්නටනම්

පෙරුම්පුරා හමුවන්නෙත් දිගුකලෙකින් නම්
හමු වූ වත් යලි සැනෙකින් වෙන් වී යයි නම්
අප යලි තනි වේ නම්

chinthakame said...

Keep It up...dr

s.d.gayan said...

hamawela yahaluwan magathota,
mamath nuba gana kiyanawa.......
hamuwela nube nethin wahuna,
kadulu dawasaka pisinawa........
mage kadulata sapa kara kara,
nubath thawa mata baninawa......
nubath ma laga nathiunoth heta,
tawath mama duk widinawa.......

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!