Sunday 25 July 2010

ආදරේ පෙන්නන්නේ කොහොමද මං


නිල් අහසට වැට බදින්නෙ
කොහොමද මං
තරු දෙනෙත් අඩනවා . . .
හමන සුළගට එපා කියන්නෙ
කොහොමද මං
සුසුම් වැල් මට ඉගි පානවා . . .
සදවතට කලුවර දෙන්නෙ
කොහොමද මං
හිත් මල් යායම අමාවක වෙනවා . . .
ආදරේ පෙන්නන්නේ කොහොමද මං
මගේ පෞරුශය බල්ලට යනවා . . .

7 ක් දක්වලා අදහස්. . .:

ηiRσ said...

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ... නමුත් සමහර වෙලාවට පෞරුෂය බල්ලට දාන්න වෙනවා. හැබැයි ඉතින් එතකොට අනිත් පාර්ශවය මෙහෙමත් හිතන්න පුළුවන් - 'අපෝ ආත්ම ගරුත්වයක් වත් නැද්ද මෙයාට - මට මෙච්චර සෙකන්ඩ් වෙන්නේ'
උහතෝකොටික ප්‍රශ්නයක් හික්ස් !
මොනා උනත් ලස්සන කවියක් :)

Shadow/හේමලයා said...

හප්පේ...හරිම අමාරු පුරස්නයක් නොවැ......:)

Prabhath said...

''ආදරේ පෙන්නන්නේ කොහොමද මං
මගේ පෞරුශය බල්ලට යනවා . . .''

මාත් එකඟයි ඒ කතාවට නම්....

Teena said...

අපොයි කතාව ඇත්ත. ඕක වැඩිය නොපෙන්නවා ඉන්න තරමට ඇඟට ගුණයි.

Anonymous said...

කතාව නම් සම්පූර්ණයෙන් ඇත්ත..

Unknown said...

matath oya problem eka thiyanawa

Unknown said...

matath oya problem eka thiyanawa

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!