
හොරෙන් බලා ඉඟි කලාම......
දුරින් ඉඳන් හිනැහුනාම......
ඔයා මගේ පෙම් හිත ලඟ,
මැව්ව සිහින බොහොමයි.........
වලි හොය හොය දැඟලුවාට.....
මම ලොකු කම පෙන්නුවාට.....
මගේ හිතත් මට හොරාම,
ආල වැඩුව පුදුමයි......
හමු වී අපි නොදෙඩුවාට....
නිතර තුරුලෙ නොරැඳුනාට.....
ආත්මයම ඔයා ලඟින්,
නතර උනා සත්තයි.....
12 ක් දක්වලා අදහස්. . .:
ලස්සනයි අක්කෙ...
ලස්සනම ලස්සනයි......
*"හමු වී අපි නොදෙඩුවාට....
නිතර තුරුලෙ නොරැඳුනාට.....
ආත්මයම ඔයා ලඟින්,
නතර උනා සත්තයි....."*
ලස්සනයි.....
සත්තකින්ම මන් දන්නව.....
ආත්මයම නතර වෙනව......
ගලන කදුලු නිමක් නැතිව...
නුඹට හොරෙන් වියලෙනව..........
ආත්මය පුරා
රැදුනු සෙනෙහස් දරා
හිනහෙන්න ජීවිතය පුරා..
ලස්සනයි මධු
ලස්සනයි....
මේ නිර්මාණයේ තියෙන රසයට සිත් සොඳුරුතම ලෝකයකට රැගෙන යනවා කිව්වොත් මා නිවැරදියි.........කාව්‍ය රසය ඔස්සේ යද්දී මට මේ වගේ සිතුවිල්ලක් ආවා..........
~නෙතු නොදුටුවාට
ගතින් ළං නොවුනාට
හිත නුඹ ළඟමයි හැමදාට
නොගැයුවාට පෙම් ගීයක් නුඹට~
~මුළු ආත්මයම නුඹ වෙලාගත්තාම
මම ද නතර වුණා ලෙංගතුවම
නොගැයූ පෙම් කවක් දවසක ගැයුවාම
නුඹ මගෙම නොවෙද හැම සිහිනයකම~
අපූරු නිර්මාණයක්.......
හොරෙන් බලා ඉගි කලාට...
දුරින් ඉදන් හිනෑහුනාට...
ඔයා මගේ ගල් හිත ලග...
මැව්ව සිහින බොහොමයි.........
වලි හොය හොය දගලන්නේ...
ඔය ලොකුකම පෙන්නන්නේ...
නුබේ සිතත් නුබට හොරෙන්...
ආල වඩන හින්දයි............
හමුවී අපි නොදොඩන්නේ...
නිතර තුරුළෙ නොරෑදෙන්නේ...
ආණ්ඩුවේ රස්සාවක්...
කරන හින්ද සත්තයි..............
@Dasantha
කෝල් එකක් නොදුන්නහම
මං ගැන ඔබ නොබැලුවහම
මගේ වුනත් ඔය හිත ගැන
ඇත්තට මට තරහයි..........
අදම නැතත් ඉස්සරහට
අපි අපේම වුනු කාලෙක
ආණ්ඩුවේ රස්සාවට
සමු දුන්නොත් නියමයි.....
නැත්නං ඒ වගෙ කාලෙක
මට මගෙ වැඩ වැඩි උනහම
අපි ගොඩනැගු මුලු ලෝකෙම
අවුල් වුනොත් ඉවරයි......
දැන් බැන්නත් හැමදේටම
වගකීමක් දැනුනු දාට
අදට වඩා මේ සමයම
ඉස්සරහට ඉවසයි......
Comment keruwa hemotama THANKS........
patta
කවදාවත් නොදැක්කාට..
කිසි දිනකදි නොඇහුවාට..
හැගුම් මගේ නොදැනුනාට..
ඔබේ අතින් මගේ කවිය..
කවද කොහොම ලිය උනාද?..
මගේ ලෝකයට ඔයා මව අරන් ගියා සහෝදරී. බොහෝම ස්තුතියි.
කව්ද කියල බලනව ඇති නේද?
මම ආගන්තුක බෝඩිංKaraya. දවසක ම්ගේ බොඩිමටත් ගොඩ වෙලා යන්න එන්න.
මොකද ලියන එක නවතල තියෙන්නෙ? අයෙමත් ලියන්න පටන් ගන්න.
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!