Thursday, 8 April 2010

මම සිනාසුනා විතරයි . . . .


අහස හොදටම කලු වෙලා
මං හිතුව වහී කියලා
ඒත් නෑ වැස්සේ නෑ
අහස කලු කලා විතරයි. . .

අරලිය ගගේ ලස්සනට මල් පිපිලා
මං හිතුව සුවද හමයි කියලා
ඒත් නෑ සුවද හැමුවෙ නෑ
මල් පිපුනා විතරයි. . .

ඔයා යනව කියල කිව්වහම
මං හිතුව මං අඩයි කියලා
ඒත් නෑ . . .
මං ඇඩුවෙ නෑ
කදුලු අතරින් හිනා වුණා විතරයි. . .

12 ක් දක්වලා අදහස්. . .:

හුටපටයා said...

ඔහොම තමා මධූ, අපි හිතන දේ හැම වෙලේම වෙන්නේ නෑ . . . .

කරුමක්කාරයා said...

ලස්ස්නයි... "කදුලු අතරින් හිනා වුණා විතරයි. . ." හිතට ගොඩක් දැනුනා

Raven said...

හිතට දැනුනා පදපෙළ.

විශ්මි said...

හඟීම්බර කවියක්.....

sansarasidu said...

ඔහ්... මොනව කියන්නද කියල එකපාරටම හිතාගන්න බැරිවුණා...
හරිම හැඟුම්බර පද පෙළක්...
හදවතට දැනුණා... සිස්

Kd said...

මදූ අපි හිතන පතන දෙවල් අපට හම්බවෙන්නෙ නෑ තමයි.Bt හින මාලිගා පෙන්නල ඒව විනාස කරල දාන එකා තරම් කාලකන්නියෙක් මේ ලොකෙ තවත් නෑ.

විහඟිගෙ සිතුවිලි said...

ලස්සනයි කවිය.. කඳුලු අතරින් හිනා වෙන්න ඔය කඳුලු වියලිල යාවි. ආයෙමත් සතුට හොයන් ඒවි ඔබව.

DM said...

පාලුව තනිය හදවත රජයන කලක
පිවිතුරු පෙමක සුපැතුම් ඇත හද කොනක
හද කිති කවන සුමිහිරි හැ‍ගුමන් පොදක
පහසින් විකසිතව සැනසෙනු කොයි දිනෙක

Madhu said...

ogollo okkotama thanks comment kalata.ogollange adahas,thawath kavi pelaka arabumak wei.........
aththamai.....

Ransi said...

danena kawiyak !!
Keep it up!!
Well done!!!

nadeera said...

api hithana vidihata deval sidda venavanam ...m,

Madhu said...

thanks... comment keruwa hamotama....

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!