
ගොම්මන් ඉකි ගසන
මල හිරුගේ සෙවනැල්ල
කඩුල්ලෙන් පැන ඇවිත්
පිල් කඩට එබෙනෙ විට
හෙම්බත්ව සොවින් සිටි
සිතක් පන අදින විට
අදුර බිද නුබ ඇවිත්
මගේ හිත් දොරකඩට. ..
විදින්නට ජීවිතය
සෙවූ මුත් නොලැබෙද්දි
විදෙව්වෙමි දිවි පුරා
සසර පව් පල දෙද්දි
හිරුත් නුබ, සදුත් නුබ,
තරුත් මගෙ නුබ වෙද්දි
අදුරකට කොහෙද ඉඩ
සිත පුරා නුබ ඉද්දි. . ..
8 ක් දක්වලා අදහස්. . .:
එළ සහෝදරී..නියම කවිය !
එළ.. දිගටම ලියන්න..
මගේ උණුසුම් සුබ පැතුම්......කවි පොඩ්ඩ නියමයි...
අපූරු පද පෙළ..දිගටම ලියන්න.අපි එනවා රස විදින්න..
අපේ මුචගේ ලින්ක් එකකින් තමයි සිත්මලට ගොඩ උනේ...
මුචාටත් බොහොම පින්.
හිතට දනෙන කවියක්..... යාළුුවා` []
මගේ සුබ පැතුම්, දිගටම ලියන්න >>
@tint:ඔව් ඔව් දැන් නම් ලියන ඕන කවියක් උඹට හිතට වදිනවා....
නියම අදහස් ටික...මගෙ සුභ පැතුම්......
Excellent... I hv No words to appreciate... -K-
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!