
කෝල හිතට සෙනෙහස ගැන අකුරු කළ
ඇදුරැත් නුබයි මගෙ පෙම් සිත පහන් කළ
වියෝ දුකට නාඩා ඉන්නේ කොහොම
නොකියම ගියේ තුටු පඩුරක් මදි වුනිද ? ......
සහස් ගවු උසට පැතුමන් පතාගෙන
ශිල්ප වැඩුවෙ මං නුබ ලග අවනතව
නොතේරුමට වුන වරදට විරසකව
පාඩම නිමා විය මුල මිස අග නැතිව .........
කටු සටහනින් පිවිතුරු සිත මැලවෙද්දී
කෙටි සටහනක් වී නුබ ගිය මුත් වෙන්වී
ගුරු හරුකම් නැතිව දිවි සිතියම පැටලී
සයුරක් නොදැක ගඟ හෙමිහිට ගලා බසී .......
4 ක් දක්වලා අදහස්. . .:
නියමයි උපරිමයි.හැම කවටම මේක කියන්න බැරි නිසා,ටිකක් හරි නැති ඒවත් ලියන්න...හිහ්හී
ලස්සනයි..
නියමයි මදුවෝ
නියමයි මදු.....[] නියමයි.
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!