
දවසට පැය පනහක් වත් තිබුණොත් හොදයි කියලා මට හිතුනා . . . ඉස්කෝලෙන් අවුට් වෙලා කැම්පස් එකේ අවුරුදු දෙකක් ගත කෙරුව කාලේ හීනයක් වගේ . . . ඇත්තටම හීනයක්.
මං කැම්පස් එන්න හීන දැකපු කොල්ලෙක්, ඒ හීන එකින් එක හැබෑ වෙනකොට, මගෙ වගේම මගෙ දුප්පත් අම්මගෙයි තාත්තගෙයි ඇස් වලත් අහිංසක සතුටක් මම දක්කා. ඒ සතුටු කදුලු මට ජීවිතේ ඉස්සරහට යන්න හයියක් වුනා.
"දසුන් . . . . . දොර ඇරපන් . . . .උඹ මේ මහ දවාලේ දොර වලුත් වහගෙන අහවල් මගුලක් කරනවද .?අන්න උඹට සදුනි එන්න කිව්වා " මලිත් කෑ ගහගෙනම ඇතුලට ආවා.
මලිත් කියන්නේ කැම්පස් එකට ආව දවසෙ ඉදන් නොකා නොබී හරි මං ලග හිටිය මගෙ බොක්කක්. මං ඇඩුවත්, හිනාවුනත් . . . හැමදාම මලිත් මං ලග හිටියා.
"සදුනි මට හදිස්සියේ එන්න කිව්වෙ ඇයි දන්නෑ මචන් . . ." "ඒක ඉතින් මට කියන්න පුලුවන් නම් ඒකි උඹට එන්න කියයිද බං . . . . එකී එහෙනම් මට කියනවනෙ . . " මලිත් ආපහු කෑ ගහන්න පටන් ගත්තා.
මං නැහුත ගානට බෝඩිමෙන් එලියට ආවේ සදුනි හම්බවෙන්න යන්න . . . කැම්පස් ජීවිතේ වගේම සදුනිත් මට හීනයක්. අපි දෙන්න අහසට පොළව වගේ . . . ගමේ හැදිලා, ගමේ ඉස්කෝලෙක ඉගෙන ගත්ත, මං වගේ දුප්පත් කොල්ලෙකුට සදුනිව දෙන්න එයගේ අම්මලා කැමති වෙන්නැති බව මං නොදැන හිටිය නෙවෙයි.මං යද්දි සදුනි ඇවිත් හිටියා.
"ඔයා ඇවිත් හුගක් වෙලාද සදුනි. ?"
"ටිකක් වෙලා . . . " එයා කතා කරපු විදියට මාව ඩිම් වෙලා ගියා. සදුනි කියන්නේ වචනෙන් දෙකෙන් උත්තර දෙන කෙල්ලෙක් නෙවෙයි . . . .
"ඔයා මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තියා ගෙනද කතා කරන්නේ. මොකද වුනේ . ?"
"තාත්තාට අපි දෙන්නා ගැන ආරංචි වෙලා දසුන් . . . මගෙන් ඇහුවා ඇත්තද කියලා. මං ඔව් කිව්වා. ඒගොල්ලො කොහොමත් මාව කැම්පස් එව්වේ ඩොක්ටර් කෙනෙක් වෙන්න මට තිබුණු ආසවට, එහෙම නැතුව මාව ජොබ් එකකට යවන්න හිතාගෙන නෙවෙයි . . . ගෙදර නැවතුනොත් මට ඔයාව නැති වෙයි දසුන් . . . අපි බදිමු . . . "
"බදිමු . . ." මාව හිරි වැටුණා. පපුව උඩ කිලෝ දහයක් විතර තියලා වගේ මට දැනුණා. සදුනි කියන්නේ ආවට ගියාට වචන පාවිච්චි කරන කෙල්ලෙක් නෙවෙයි . . .
"හදිස්සියේ . . . . ?" මං එහෙම කිව්වා නෙමේ මට එහෙම කියවුණා.
" ඔයාට මාව ඕනෙනම් මේ දේට කැමති වෙන්නම වෙනවා . . . දසුන්. අපිට වෙන කරන්න දෙයක් නෑ. මං ඔයාට ලං වුනේ ඔයාව අත අරින්න හිතාගෙන නෙවෙයි. මං හිතුවා මොන දේ වුනත් ඔයවාත් මං ලග ඉදියි කියලා . . ." සදුනි කියාගෙන කියාගෙන ගියා....
මට ඒ හිතට දුකක් දෙන්න කොහොමටවත්ම පුලුවන් කමක් තිබුනෙ නෑ. හිතේ දෙගිඩියවෙන් වුනත් මං එයගෙ තීරණයට දෙපාරක් නොහිතම කැමති වුනා. අම්මයි, තාත්තයි මට උගන්නන්න දහ දුක් වින්ද හැටි චිත්‍රපටියක් වගේ මැවිලා පෙනුනත් . . . මට ආපහු හැරෙන්න පුලුවන් කමක් තිබුනේ නෑ. සදුනිට තිබුණ ඕනෙකම නිසාම අපේ තනි තීරණයට නීතියෙන් අපි දෙන්නා අපේ වුනත් . . . ප්‍රශ්නෙ සියයට අසූවක් විතර තමත් ඉතුරුයි කියල මට හිතුනා.
"ටියුෂන් කරලා හොයගත්ත සල්ලි ටිකක් මං ලග තියනවා . . . මං ඉක්මණට ගෙයක් හොයා ගන්නම් සදුනි, එතකල් ඔය බොඩිමේ ඉන්න . . . පුලුවන්නම් අම්මට ලියුමක් දාන්න, හැමදෙම කියලා . ."
ඉන්න තැනක් හොයගත්තත් සදුනිට ගෙදර හිබුණු සැප සම්පත් දෙන්න මට කොහෙත්ම පුලුවන් කමක් තිබුනෙ නෑ.
- - - මතු සම්බන්දයි - - -
4 ක් දක්වලා අදහස්. . .:
කතාව නං එළ වගේ.ඒත් ටිකයි නෙව.උඹේ කතාව මුලින්ම කියවපු මගෙන් තවත් හොඳට ලියන්න සුබ පැතුම් !
ලස්සන කතාවක් වගේ.. ඒ උනාට ඉක්මන් වැඩී කියල හිතෙන්නෙ නැද්ද?මම දන් නෑ මම් කිව්වේ මට හිතුනු දේ.දිගටම ලියන්න 2 කොටස එනකන් බලන් ඉන්නව
@ මුචලින්ද Thanks a lot හීන ඉකිබින්දා මුල්ම comment එකට
@ කසූ මුල්ම කතාව නිසා අවුලක් නම් sorry කියනවා
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!