Thursday 14 January 2010

මම යලිත් . . .

මල්වරව සඳ හැංගෙනා රැයක
මම ඔබව දකිමි ගගනක කොනක
මේ තරම් තාම හිත රිදෙනකොට
අපි අපෙන් දුරස් වුන අරුම කිම . . . ?
ඇස් පියන් වසා අතහැර සුසුම
ගින්දරින් නිවෙන්නට තනමි මම
මගේ සිත බිද දැමූ ඔය හදට
මම යලිත් සමා දුන් අරුම කිම . . . ?
ඔබ ගියා ආත්මය මරාගෙන
එහි යලිත් පෙම් කුසුම් නොපිපේය
එහෙත් මට එක වරක් ඔය ලයට
හිස තියාගන්න හිතෙනව තාම . . .

5 ක් දක්වලා අදහස්. . .:

Unknown said...

නියමයි .http://blogs.sinhalabloggers.com/

එක්කරන්න

Prabodha said...

නියමයි සහොදරී...දැන් කවුද දුරස් උනේ....

බිඟූ said...

මන් හිතන්නේ ඔයා තාම ආදරය කරනවා කියලා...
පිවිතුරද ආදරය තාම?

/බිඟුවා...!

Madhu said...

@ yasiru සිංහල බ්ලොග් කියවනයට request කළා.Thanks comment වලට.

Madhu said...

@ බිගුවා, Thanks for U'r comment. ඉදිරියටත් අදහස් බලාපොරොත්තු වෙමි.

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!