Friday, 5 March 2010

අහිමි පෙම...


වෛර නොකරමි අහිමි පෙම වෙත . . .
ලත නොවෙමි එය ගැන සිතා මම . . .
සිනාසුනු හැටි පෙම් කෙරූ කල . . .
මතක් වෙනකොට අද ඇඬෙයි මට . . .


තිලිනි ඉසංකා

11 ක් දක්වලා අදහස්. . .:

බිඟුවා...! said...

ආදරය කළා නම්
හද පිරෙන්නට
වෛර කරන්නේ කොහොමද
හිනාසෙනවා මිසක
අතීතය සිහි කරවා
ලොවට පෙනෙන්නට නොව
සැබෑවකටම

/බිඟුවා...!

Lahiru said...

ඇත්ත මධු..ආදරය අපෙන් උදුරගෙන අනිත් කෙනා ඈතට ගියාම අන්තිමට අපිට ඉතුරැ වෙන්නේ ඒ මතකයන් විතරමයි

චමිදේවා said...

මක්කොරන්නද මදූ...
ජිවිතේ ලැබීම් වගේම නොලැබීමුත් ගොඩාක් තියනවනේ....

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ජිවිතයට ඒ දේ අත්දැකීමක් කරගන්න හැබැයි සොදුරු අත්දැකීමක්

රවා said...

තිලිනිට කියන්න....
සමහරු ඉන්නවා බැදිම්, හැගිම් වලට මුල් තැන දෙන...
සමහරු ඉන්නවා අනිත් දෙවල් වලට මුල් තැන දෙන...

ඉතින් අය එක්ක හදවතින් බැඳෙද්දි බොහොම කල්පනාවෙන් කරන්න ඔනා. නැත්නම් තමුන්ගෙ හදවතමයි දුක් විඳින්නෙ..
කොහොම උනත් ඈතට යන අයට හදවතින් සුභපතන්න පුරුදු වෙන්න. තරහාව, ලොබ කම් තිබුනට කමක් නැහැ එලියට පෙන්නන්න හොද නැහැ...
මෙක ඔයා තනියම කරන එකක්ද නැත්නම් යහලුවොත් එක්ක කරන එකක්ද

Madhu said...

Thanks Comments කරපු හැමෝටම . . .

Thlini said...

අනේ, මගේ හිතේ කිසි තරහක් නෑ අහිමි වුන අදරේ ගැන. වෛරයකුත් නෑ. එය මාව දාල ගියත්, අදටත් මං එයගේ දියුණුවට උදව් කරනවා.

හැමෝටම තුති!!!

Raven said...

ප්‍රේමයේ අහිමිවීම දරාගත්තත් ඒ ප්‍රේමයේ මතක වල බර දරන්න අමාරුයි වෙලාවකට.
නිර්මාණය අගෙයි.

$han said...

උපරිමයි.....මගේ හිතේ තියෙන්නෙත් ඔය දේම තමා

Thlini said...

ආදරේ ඉදිරියේ අපි හමොටම දැන්නේ එකම දේ...
කොල්ලොද කෙල්ලොද ප්‍රශ්නයක් නෑ...
මිනිස් හදවතක් නම් දැනෙන්නේ එකම වේදනාව...
විශ්වාසයි...
මේක මගේ කතාව වුනත්... මේක හැමෝටම පොදුයි...

Anuradha Herath said...

Ohoma hithanna puluwannam koytharam sanaseemakda.....

Post a Comment

ලියලම යන්න හිතට ආපු අදහස!