
නිහඩ රෑ තුන් යමේ
කදුලු මල් පිපෙනවා
තරු එළිය දැක ගන්න
මගේ නෙතු හඩනවා
දුරුතු සීතල ඇවිත්
අසපුවට එබෙනවා
නුඹේ සුසුමක සුවද
මගෙ හදට දැනෙනවා . . .
ජීවිතේ බිදෙන් බිද
ඉදිරියට ඇදෙනවා
සුවහසක් දෑස් ලග
තනිකමක් දැනෙනවා
කුරිරු ලොව අබියසදි
හදට දුක පිරෙනවා
නුඹෙ දෑස කවියක්ව
මගේ දුක නිවනවා . . .
5 ක් දක්වලා අදහස්. . .:
ලස්සනයි මධු...
දැනෙනවා...
මෙක තාලෙට කියවද්දි දැනෙනවා. නමුත් මට අමාරුයි වචනෙට ගන්න....
හරිම ලස්සනයි මධූ...
My dear friends, Thanks a lot 4 Ure comments.
හොද ලකුනු ටිකක් දෙන්න කැමතියි.
@isaman -- එහෙනම් ගොඩක් හොදයිනෙ . . .
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!