
සුදු ගව්මට පොත් මිටියට
තහනම් යැයි කියන . . . . .
පාසල් පෙම තුරුලු කරන්
නිරතුරු මන් දුටුව . . . . .
හීන අහුරු පොඩි කර දා
නුඹ ගිය වග දුරක . . . . .
සිහි කරකර හිනැහෙමි මම
අඬන්න බැරි කමට . . . . .
ඔබ ආගිය වග තුග මං
හොයන්නෙවත් නැතුව. . . . .
කොච්චරනම් පෙම් කලාද
ඔබ ගෙතු බොරු ගොඩට. . . . .
සමා අයැද මගෙ හිත ලඟ
කරගත් පවු වලට. . . . .
හීනෙන්වත් එන්න එපා
අයෙත් මං ලඟට. . . . .
පිවිතුරුයැයි සිතූ ඔබට
සින්නක්කර ලිව්ව . . . . .
මගෙ හිත මං ඔහුට පිදුවෙ
මකන්න ඔබෙ මතක . . . . .
ඔහු ඔබගෙම සොහොයුරාය
දන්නේ මම අදය . . . . .
ආයෙත්නම් පෙම් නොකරමි
ජීවත් වෙන තුරුම . . . . .
11 ක් දක්වලා අදහස්. . .:
මරු හොදේ . . .
thanks........
මාර වැඩේනේ වෙලා තියෙන්නේ...
මොකද කරන්නේ දැන් ඉතින්.
/බිඟුවා...!
ඇත්තටම උනදෙයක්ද මේ?
boruuuuuuuuuuuuuuuuu
හිතට ආව අදහසක් විතරයි, අත්දැකීමක්නන් නැහැ තාම මේ වගේ.ඔගොල්ලො හැමෝගෙම අදහස් වලට thanks ගොඩාක්.
boruuuu......
හීන අහුරු පොඩි කර දා
නුඹ ගිය වග දුරක . . . . .
සිහි කරකර හිනැහෙමි මම
අඬන්න බැරි කමට . . . . .
nice .......
thankxxxxxx පබලු..........
සුදු ගව්මට පොත් මිටියට
තහනම් යැයි කියන . . . . .
පාසල් පෙම තුරුලු කරන්
නිරතුරු ඔබ දුටුව . . . . .
හීන අහුරු පොඩි කර දා
ඔහු ගිය වග දුරක . . . . .
සිහි නොකරන් මගෙ කෙල්ලේ
මම ඉන්නව නුබට . . . . .
හරිම ලස්සනයි කවිය.
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!