
සිහින විමනින්
පැතුම් පතමින්
මොදු වෙන සද නුඹ තමයි......
සොදුරු කවි වැල්
සොදුරු තාලෙට
එකට බැන්දේ නුඹ තමයි.....
ආදරේ සුව මිහිරියාවෙන්
මටම පිදුවෙ නුඹ තමයි ....
සිහිනයක් වී මගේ දිවියට
ඒවිදො යලි මට සැකයි.....
ජිවිතෙ සුව අරුත වි නුඹ ගෙවු කාලය මට සුවයි
වසන්තය සුනු විසුනු කරවා ගියේ නුඹ මිස මා නොවෙයි
සිතේ ඇති දුක නිමා ලන්නට කොතෙක් බැට කැවා තමයි
එහෙත් හිමියනි නුඹෙන් තොර ලොව සිහිනයක් යැයි මට සිතෙයි.
6 ක් දක්වලා අදහස්. . .:
ලස්සනයි නිර්මාණය. හොඳ රිද්මෙකුත් තියනව.
හිතට දැනෙන විදියට ලියල තියෙනව... ලස්සනයි පද පෙල........
@ Raveen & විශ්මි -- Thanks ගොඩක්.
ශා...ශා... හරිම අපුරුයි ... ඇත්තටම හරිම අපුරුයි,, මදු ...මෙක ලස්සන තාලයකට මුමුනන්න පුළුවන් හරිම ලස්සනයි... රිද්මයයි.... තෙරුමයි දෙකම පිස්සුවට්ටවනවා මාව... ඇත්තටම හරිම ලස්සනයි......
ලස්සනයි
nice ha... patta...
Post a Comment
ලියලම යන්න හිතට ආපු අදහස!